brand logo

පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි සේරුවිල විහාරාධිපති පදවියට

18 May 2021

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පත්කොට තිබේ. එම අභිනව පත්කිරීම සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් සිදුකර තිබෙන අතර මේ බව ඉදිරි කටයුතු සඳහා මහානායක හිමිපාණන් වහන්සේ වෙත යොමුකර ඇති බව වාර්තා වී තිබේ. සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නා හිමියන් පසුගිය 11 වනදා ඉන්දියාවේදී අපවත්වීමෙන් අනතුරුව එකී සමිතියට සේරුවිල විහාර සම්ප්‍රදායෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇත. ඓතිහාසික වශයෙන් වැදගත් සේරුවිල මංගල රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මෙන්ම කේශ ධාතූන් වහන්සේලාත් නිදන්කොට කාවන්තිස්ස රජ දවස ඉදිවුවක් ය.
 

More News..