පුත්තලම ප්‍රා.ස මන්ත්‍රීවරයෙකුගේ නිවස අසලින් වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් සොයාගැනේ
04 July 2019
පුත්තලම ප්‍රා.ස මන්ත්‍රීවරයෙකුගේ නිවස අසලින් වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් සොයාගැනේ
04 July 2019
පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුන පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නිවසට යාබදව වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
පසුගිය 02 වැනිදා සවස මෙම ජීව අත් බෝම්බය සොයා ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන ඇත්තේ ආරක්ෂක අංශ විසින් පාවිච්චි කරන 82 වර්ගයට ජීව අත්බෝම්බයක් බව පොලීසිය කියයි.
අත් බෝම්බය තිබී සොයා ගත් ඉඩම හිමි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත