brand logo
logo

පුත්තලමේ විදුලි බලාගාරයකට කැබිනට් අනුමැතිය

05 June 2020

පුත්තලමේ මෙගාවොට් 300 ක විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මීට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ඉන්දියානු ණය යටතේ රාජ්‍ය ආයතනවලට සූර්ය බල විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් සඳහා ද අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (4) ප්‍රකාශ කළේය. පසුගිය වසර පහ තුළ මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සිදුකර නොමැති නිසා ඉදිරි කාලයේදී විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට පුත්තලමේ මෙගාවොට් 300 ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට තීරණය කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, ආරක්ෂක ස්ථාන ඇතුළු රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය විදුලි බලය සැපයීම වෙනුවෙන් සූර්ය බලයෙන් විදුලිය සැපයීමේ ව්‍යාපෘතිය සිදුකරන බවද හෙතෙම කීවේය. අජිත් අලහකෝන්
 

More News..