brand logo
logo

පී.එස්.එම්. චාල්ස් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට

30 December 2019

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර ඇත. පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊට පෙර මඩකලපුව හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද දීර්ඝ කාලයක් සේවය කළාය.
 

More News..