brand logo

පිළියන්දල පොදු වෙළෙඳ පොළ වැසෙයි

09 May 2021

කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගෙන තිබෙන බැවින් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත. පොදු වෙළෙඳ පොලේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් එම තීරණය ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි. මේ නිසා පවත්නා තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය අද (09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසාදැමීමට පොලීසිය සහ සෞඛ්‍ය බලධාරින් එක්ව කටයුතු කර තිබේ.
 

More News..