brand logo

පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව නව නිවහනකට

14 September 2020

පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව සැප්තැම්බර් 07 වෙනි දිනට යෙදුනු සුබ මොහොතින් අංක 15, තානායම පාර, ගම්පහ හි පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුනි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා ද විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නැවත අයකර ගැනීම්) උපාලි ධර්මසිරි මහතා ද සහභාගි විය. එසේම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයත් ව්‍යාපාර ප්‍රජාව හා අනිකුත් ගනුදෙනුකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැංකුවක් ලෙස සිය නව්‍ය සේවාවන් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට වඩා කාර්යක්ෂම ලෙස ලබාදීම සදහා, ගම්පහ ශාඛාව වඩා සුවපහසු ස්ථානයක විවෘත කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වන බව, උත්සවයේ ගෞරවනීය අමුත්තා වශයෙන් සහභාගි වූ පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා විවෘත කිරීමේ උත්සවය අමතමින් පැවසීය. ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ සුවිශේෂී ගුණාංග මනාව හඳුනාගෙන, ඒවාට ගැළපෙන අයුරින් සිය ව්‍යාපාර සංකල්පය ගොඩනැගීම පෑන් ඒෂියා බැංකුවේ සාර්ථකත්වයේ රහස බවද ඒ මහතා පැවසීය.
 

More News..