පැය 24ක් තුළ ගම්පහින් කොරෝනා ආසාදිතයින් 201ක්
අද (07) පස්වරු 4.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 201දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගත් බවට තහවුරු වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 3,853ක් බවයි.
එම ආසාදිතයින් හදුනාගැනීමට 54,474දෙනෙකු සදහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව ඔහු පැවසීය.
මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර කර්මාන්තශාලා 27ක සේවය කර පුද්ගලයින් ද වන බවට තොරතුරු වාර්තා වේ.