brand logo
logo

පාස්කු ප්‍රහාරයේ සියලූ පෙත්සම් විභාගය ලබන මස 12 වනදා

06 June 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති සියලූ පෙත්සම් ලබන මස 12 වනදා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට තීරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල එම තීරණය පෙත්සම්කාර පාර්ශව වෙත අද දැනුම් දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. එහිදී විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් ජාතික වැදගත්කමක් සහිත පෙත්සම් සේ සලකා ඒවා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අගවිනිසුරුවරයා විසින් තීරණය කර ඇති බවයි. ඒ අනුව නඩුවට අදාළ සියලු ලේඛන අද දින සිට සතියක් ඇතුළත වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදෙන මෙන් විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය. ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා අද දින සිට දෙසතියක් ඇතුළත අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා එතැන් පටන් සතියක් තුළ ගොනු කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියා. අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 12 වනදා කැඳවන ලෙසයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
 

More News..