News

පාස්කු ප්‍රහාරයේ වාර්තාව භාරදෙන තුරු ජනාධිපති අපේක්ෂකයන් මා හමුවීමට පැමිණිය යුතු නැහැ

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා භාර නොදෙනෙනතුරු යම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හමුවීමට පැමිණිය යුතු නැති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

කොළඹ අගරදගුරු නිල නිවසේදී අද (31) පෙරවරුවේ කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවී අද වන විට මාස 3ක කාලයක් ඉක්මව ගොස් ඇති අතර, මේ වන තෙක් ප්‍රහාරයන් ගැන කිසිදු වාර්තාවක් ජනතාව අතට ගොස් නැති බවද කාදිනල් හිමිපාණන් පැවසීය.