පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු දෙක තුනක් තවම හඳුනාගෙන නැහැ
25 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු දෙක තුනක් තවම හඳුනාගෙන නැහැ
25 May 2019
මුස්ලිම් අන්තවාදීන් ස්ථාන හතකදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ සිරුරු මේ වන විටත් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.
තරුපහේ හෝටල් තුනක, ලැගුම්හලක සහ දේවස්ථාන තුනක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 259 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
එහෙත් සිද්ධියෙන් මියගිය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ යැයි සැක කළ හැකි සිරුරු තවමත් මෘතශරීරාගාරයේ ඇති බව ඔහු පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ඔවුන් මෙරට පුද්ගලයන්ද, එසේ නොමැති නම් විදේශිකයන්ද යන්න සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය නොහැකි බවයි.සිද්ධියෙන් මියගිය හඳුනාගත් දේශීය හා විදේශීය සියලුම පුද්ගලයන්ගේ සිරුරු මේ වනවිට භාරදී ඇත.
චමින්ද සේනාරත්න