පාසල් ආරම්භය තවත් සති දෙකකින් කල් යයි
දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඒ අනුව ලබන නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දැමෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.