brand logo

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත නොකිරීමට එකඟතාවයක්

12 June 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන ඇති බවට වර්තා වෙයි. කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම එකඟතාවය ඇති කර ගෙන ඇති අතර පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් පැමිණ සාක්ෂි ලබා දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි ඇත. හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යෙන් පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇති අතර විශේෂ කාරක සභාවෙහි සම්පූර්ණ බලය කථානායකට බැදී ඇත.
 

More News..