පාර්ලිමේන්තුව රැස් කර එජාපය ආණ්ඩුවක් පිහිටුවනවා
25 December 2019
පාර්ලිමේන්තුව රැස් කර එජාපය ආණ්ඩුවක් පිහිටුවනවා
25 December 2019
ලබන ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස් කළ පසු එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ වනවිටද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ඔහු කියා සිටි අතර ඒ අනුව ඕනෑම මොහොතක අගමැති පත් කර කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමේ හැකියාව ද තම පක්ෂයට ඇති බව ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.