ගොසිප්

පාඨලී, රිෂාඩ්, හකීම්, මනෝ සහ දිගම්බරන්ගේ සහය සජිත්ට

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය.

ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.