News

පාඨලීගේ රියදුරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

ඒම මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.