ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ නීතිපති කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
06 June 2019
ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ නීතිපති කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
06 June 2019
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළව දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් යළි කැඳවීමට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (06) මෙම තීන්දුව ලබා දුන්නේය.
ව්‍යාපාරිකයෙකු බියගන්වා බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතා විසින් මුදල් ඉල්ලා පැමිණිලිකාර ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තාට ලබාදුන් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශ ප්‍රධානි මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මගින් අධිකරණය ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කළින් අධිකරණයට දැනුම් දී තිබුණි.
අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මිය ගොස් තිබු බැවින් අදාළ දුරකතන වාර්තා පැමිණිලිකාර ගිහාඩ් මෙන්ඩිස් යන අය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
නිල නොවන සාක්ෂිකරුවෙකු මගින් එවැනි විශ්ෂඥ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු බව විත්තිකාර පාර්ෂවයේ නීතිඥයින් පෙන්වාදීමෙන් පසුව නීතිපතිවරයා යළි වාර්තාවක් කැඳවීමට අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
එම ඉල්ලීම අද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රතික්ෂේප කළේ ය.
විනිසුරුවරයා නියෝග කළේ, අගෝස්තු මස 1 වැනි දා නඩුව වැඩිදුර විභාගය සඳහා යළි කැඳවන ලෙසයි.