News

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කරයි.

මියයන විට ඒ මහතා 68වන වියේ පසුවිය.

වේග රිද්ම ගායකයන් අතර පෝල් ප්‍රනාන්දු මහතා ද ඉතාමත් ජනප්‍රිය ගායකයෙකු වේ.

“ගොලු හදවත විවර කරන්න”, “සඳ පාන වගේ”, “ආවේ වන බඹරෙක් වාගේ” වැනි ගීත රැසකට ඒ මහතා ගායනයෙන් දායක විය.

පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.