News

ප්‍රධාන ජේලර්ලා 19කට මාරුවීම්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර්වරු 19 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ක්‍රියාකර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම තනතුරෙන් ඉවත්කොට දුම්බර බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ප්‍රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 6 දෙනෙක් අලුතෙන් පත් කර ඇත.