අතන මෙතන

පළාත් සභා ඡන්දයට ඇත්ත වුවමනාවක් නෑ

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සාකච්ජා කිරීම ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ අවධානය යොමු වී තිබේ.

ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක‍්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් පළාත් සභා මැතිවරණයක් තියන්න ඇත්ත වුවමනාවක් නැහැ. පරණ ක‍්‍රමයට තියනවානම් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දාලා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්තාම හරි.

ඒකට ඕනෑනම් සති දෙකක් කල්ගතවෙයි. අලූත් ක‍්‍රමයට තියනවානම් සීමා නීර්ණ වාර්තාව සම්මත කරගන්න තියෙන්නේ. ඒකට ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒකටත් සති දෙකක් යයි. ඇත්තටම ඇත්ත වුවමනාවක් තියෙනවානම් පළාත් සභා ඡන්දයකට යන්න මහලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ.” විජිත හේරත් පැහැදිළි කළේය.