brand logo
logo

පළාත් සභා ඡන්ද නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිරණයට පෙත්සමක්

18 February 2019

පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින් නම් කර තිබෙනවා. පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ සීමා නිර්ණය කටයුතු හුවා දක්වමින් වත්මන් රජය පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම කල් දමමින් සිටින බවයි. මේ හේතුවෙන් පළාත් සභා හයක් පමණ අක්‍රිය වී ඇති අතර, මේ තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
 

More News..