පහේ ශිෂ්‍යත්වයට අටේ පන්තියේ ප්‍රශ්න සිංහලත් වැරදියි
16 August 2019
පහේ ශිෂ්‍යත්වයට අටේ පන්තියේ ප්‍රශ්න සිංහලත් වැරදියි
16 August 2019
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට විෂය නිර්දේශයට අදාළ නොවන හා දෝෂ සහිත ප්‍රශ්න කිහිපයක් ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමය පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතට ලිපියක් යවමින් මේ බව පවසන එම සංගමය උත්තර පත්‍ර ඇගැයීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද ඉල්ලා සිටියි.
එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.
මෙවර විභාගයේදී ලබාදුන් 1 ප්‍රශ්න පත්‍රයේ 06 වැනි ප්‍රශ්නය 3, 4 සහ 5 ශ්‍රේණිවල විෂය නිර්දේශයට කිසිසේත් අදාළ නොවන බව පෙන්වා දෙමු. මෙම ප්‍රශ්නය දරුවන්ට හමුවනුයේ 8 ශ්‍රේණිය ගණිතය පෙළ පොතේ 11 කොටසේ 26 වැනි පාඩමේ (ත්‍රිකෝණ නිර්මාණය) දීය.
එමෙන්ම 11 ප්‍රශ්න පත්‍රයේ 07 ප්‍රශ්නයට අදාළව ලබාදී ඇති ‘සෙවනේ’ යන වචනයේ අක්ෂර වින්‍යාසය දෝෂ සහිතය. මෙම ප්‍රශ්නයට අදාළව 5 ශ්‍රේණිය සිංහල කියවීම් පොතේ 2 පාඩමේ (කුඹුරේ ගොයම් කයිය අනිද්දයි) ඉහත පෙන්වා දුන් වචනයේ අක්ෂර වින්‍යාසය ‘සෙවණේ’ ලෙස සඳහන් වේ. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අක්ෂර වින්‍යාසය සලකා බලන්නේ නම් දරුවන්ට අසාධාරණයක් සිදුවේ.
තවද 11 ප්‍රශ්න පත්‍රයේ 43 වැනි ප්‍රශ්නයද, 3, 4 හා 5 ශ්‍රේණිවල විෂය නිර්දේශයට කිසිසේත් අදාළ නැත. මෙම ප්‍රශ්නයට අදාළව විෂය කරුණු දරුවාට හමුවනුයේ 8 ශ්‍රේණියේ විද්‍යාව 1 කොටස තුළිනි. 8 ශ්‍රේණිය විද්‍යාව 1 කොටසේ 3 වැනි පාඩම ‘ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය’ යන කොටසින් ඉහත සඳහන් කළ ප්‍රශ්නය අසා ඇත.
ශිෂ්‍යත්ව විභාගය ඉතාමත් තරගකාරී වී ඇති අතර එක ලකුණකින් පවා දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටී අනාගත අධ්‍යාපන ක්‍රියාවලියම ගැටලු සහගත වීමට ඉඩ තිබෙන බවද වැඩිදුරටත් අවධාරණය කරමු.