brand logo

පවුලකට රු. 21,500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්

13 October 2021

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් හෙළි වූ දෙයි

එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම රු. 5,353 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති 2021 අගෝස්තු දත්තවල සඳහන් කර ඇත. මේ අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට දරිද්‍රතාවයට පත් නොවී සිටීමට අවම වශයෙන් රු. 21,500 ක මාසක ආදායමක් තිබිය යුතු වේ. කෙසේ වෙතත් මෙය යල්පැන ගිය දර්ශකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව දරිද්‍රතාවය මනිනු ලබන්නේ 2000 වසරේ දී අත්‍යාවශ්‍ය යැයි සලකනු ලැබූ භාණ්ඩ පැසක් අනුව බවත් වසර 20 කට පසු අද වන විට එම අත්‍යාවශ්‍ය භාණ්ඩ පැස වෙනස්විය යුතු බවත් ඔහු මෙහිදී කියා සිටියේය. එබැවින් අද වන විට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 4 දෙනෙකුගෙන් යුතු පවුලකට දරිද්‍රතාවයට පත් නොවී සිටීමට රු. 21,500 ආදායමක් ප්‍රමාණවත් නොවන බවත් එය යල්පැන ගිය මිනුම් දණ්ඩක් බවත් අචාර්ය දුනුසිංහ‌ මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට සිදුව ඇති අවම වියදම් සටහන එක් එක් දිස්ත්‍රික්කය අනුව සහ ජාතික සාමාන්‍ය අගය පහතින් දැක්වේ.
 

More News..