brand logo

පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි

04 March 2022

පුද්ගලයින් කිහිපදෙනෙකුට සුළු තුවාල

මාතර රන් දූපත හෙවත් පරෙවි දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම අද (04) පස්වරුවේ මුහුදට කඩා වැටී තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ රන් දූපත මංගල උපෝසථාගාරය පිහිටි දූපත හා මාතර නගරය යාකෙරෙන යකඩ පාලම අද කඩා වැටුණේ ඒ මතින් ගමන් කරමින් සිටි පිරිසකුත් සමගින් බවයි.

පාලම මුහුදට කඩා වැටෙන අවස්ථාවේ පාලම මත සිටි කිහිපදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.
 

More News..