brand logo

පන්නිපිටියේ කාන්තාවකට කොවිඩ්

21 October 2020

පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව ඊයේ(20) වාර්තා විය. ඉකුත් 2 වෙනි දින එම කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයා සමඟ කුලියාපිටිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වී ඇති අතර 9 වෙනි දින ඇයට අසනීප තත්ත්වයක් හටගෙන තිබූ බව සෞඛ්‍ය නිලධාරින් පවසයි. කුලියාපිටියේ මනමාල මහතාට කොරොනා වෛරසය ශරීරගත වී ඇති බවට ඉකුත් 12 වන දින එම කාන්තාවට හා ස්වාමිපුරුෂයා ට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහු න් විසින් ඊට පසු දින (13) පි සි ආර් පරීක්ෂණයකට භාජන වී තිබූ බව සෞඛ්‍ය නිලධාරින් පවසයි. එම කාන්තාවට පමණක් වෛරසය ශරීරගත වී ඇති බවට ඊයේ ලද පී සී ආර් වාර්තාවලින් තහවුරු වී ඇති අතර ඇය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය. නිවසේ සෙසු සාමාජිකයන් නිවස තුළම ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට පියවර ගෙන ඇත.
 

More News..