brand logo

පන්නල ප්‍රදේශයේ කොටසක් හුදෙකලා කරයි

20 October 2020

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත හුදෙකලා කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙහි පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පදිංචිව සිටී. ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට (21) සිදුකරන බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ පසුගියදා සිදු කෙරුණු අතර එම පිරිසගෙන් එක් කාන්තාවක් ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමඟ ඇය පදිංචිව සිටි මෙම මාවත මෙසේ හුදෙකලා කර ඇත. අවුරුදු 31 ක් වන දෙදරු මවක් වන ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී ඇති බව පැවසේ.
 

More News..