පදක්කමක් කියන අනවශ්‍ය පීඩනය මේ අවස්ථාවේ ඇති කරගන්නේ නෑ
29 July 2021
පදක්කමක් කියන අනවශ්‍ය පීඩනය මේ අවස්ථාවේ ඇති කරගන්නේ නෑ
29 July 2021
ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්
ජපානයේ ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන යුපුන් අබේකෝන්ගේ තරගය ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ් පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණි.ජූලි 31 තමයි දවස.
මේ වෙලාවේ මට දැනෙන දේ ඒ විදිහටම කියන්න ඕනි උනත් මේ අවසාන දවස් කිහිපයේ මගේ අවධානය තරගයේ තියාගන්න ඕනි නිසා සහ මාව දිරිමත් කරන හැම කෙනාටම ස්තූති කරන්න ඕනි නිසාත් පොඩි දෙයක් කෙටියෙන් කියන්න වෙලාවක් හදා ගත්තා. මුලින්ම කියන්න ඕනී ඔලිම්පික් කියන්නේ ඕනිම ක්‍රීඩකයෙක් ගේ හීනයක්. මොකද මෙතනට සුදුසුකම් ලබලා එන්න පුලුවන් දක්ශයන්ගෙනුත් දක්ශයන්ට විතරයි. wild card වලින් එන්නෙත් ඒ ඒ රටවල ඒ ඒ ඉසව් වලට ඉන්න හොදම කෙනා. ඉතින් ඒකෙන්ම ඕනි කෙනෙක්ට හිතාගන්න පුලුවන් බිලියන කීයකින් කීදෙනාට අවුරුදු හතරකට සැරයක් එන මේ අවස්ථාවට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ කියලා. ඒකට ක්‍රීඩකයෙක් අවම වශයෙන් අවුරුදු 4 ක් සූදානම් වෙනවා මේ අවස්ථාව උදා කරගන්න. 

