‘නෝබෝල්’ බලන්න වෙනම විනිසුරුවරයෙක් එයි
07 November 2019
‘නෝබෝල්’ බලන්න වෙනම විනිසුරුවරයෙක් එයි
07 November 2019
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘නෝ බෝල්’ හෙවත් නිපන්දු පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙක් පත් කිරීමට එම සංවිධායකයන් කටයුතු යොදා තිබෙන බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
ඉකුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ කටයුතු කළ විනිසුරුවන් අතින් නිපන්දු කිහිපයක්ම මගහැරී යාම තරග තීරණයන්ට බෙහෙවින් බලපා තිබීම සංවිධායකයින් විසින් මෙම තීරණයට එළැඹීමට ප්‍රධාන හේතුව වී තිබේ.
දැනට තරගයක කටයුතු කරන ප්‍රධාන විනිසුරුවන් දෙදෙනා, තෙවැනි විනිසුරු සහ සිව්වැනි විනිසුරුවන්ට අමතරව 5 වැනි විනිසුරු වශයෙන් අදාළ පාර්ශ්වය පත් කිරීමට නියමිතය.