brand logo

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් වෙතින් මාස 12ක සුවිශේෂී වාරික සැලැසුමක්

20 July 2020

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඩ්පත් හිමියන්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිදුකරන ඕනෑම ගනුදෙනුවක් සඳහා අමතර ගාස්තු නොමැතිව මාස 12ක් දක්වා ගෙවීම් සිදුකිරීමට සුවිශේෂී වාරික සැලසුමක් දැන් හඳුන්වා දී ඇත. මේ සඳහා කළ යුතු වන්නේ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඩ්පතෙන් රු. 25,000ක් හෝ ඊට වැඩි මුදලක (හෝ ඊට සමාන විදෙස් මුදල් වටිනාකමක් ඇති) ගනුදෙනුවක් සිදුකිරීම පමණි. 011 4 414141 අංකය ඔස්සේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් ඇමතුම් මධ්‍යස්ථානය අමතා එම ගාස්තුව මාස 12 වාරික සැලසුමක් වෙත මාරු කිරීමේ හැකියාව ඇත. කාඩ්පත් හිමියන්ට ගනුදෙනු 3ක් දක්වා මෙම සැලසුමට මාරු කිරීමට හැකිවේ. මෙම සුවිශේෂී සහන ක‍්‍රමය 2020 ජුනි 1 සිට 2020 ජුලි 31 දක්වා ක‍්‍රියාත්මක වේ. කාඩ්පත් හිමියන්ට මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමේ අවස්ථාව සැලසෙන අතර පවතින තත්ත්වය තුළ සැලකිය යුතු මූල්‍ය සහනයක් ලබා ගැනීමටද මෙය මහඟු පිටිවහලක් වනු ඇත. මෙම සුවිශේෂී සැලසුම හඳුන්වා දෙමින්, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ කාඩ්පත් අංශ ප‍්‍රධානී නිලූක ගුණතිලක මහතා පැවසුවේ, ‘මිලදී ගැනීම් සඳහා වාරික ගෙවීමේ සැලසුමක් හඳුන්වා දීම තුළින් අප බලාපොරොත්තු වූයේ අපගේ කාඩ්පත් හිමියන්ට මූල්‍ය ස්ථාවරත්වයක් ළඟාකර දීමට සහ ලෝකයේ ඕනෑම තැනක සිට අමතර ගාස්තුවක් නොමැතිව ඕනෑම මිලදී ගැනීමක් පහසුවෙන් සිදු කිරීමට අවස්ථාව සලසා දීමයි. අප විශ්වාස කරන ආකාරයට අපගේ පාරිභෝගිකයන්ට මෙම පහසුකම හරහා නිවසේ සිට කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය උපකරණ වන ලැප්ටොප්, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උපාංග මිලදී ගැනීම සහ පවත්නා තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහාද මෙය මහඟු උපකාරයක් වනු නොඅනුමානයි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් වෙනුවෙන් අපගේ කාඩ්පත් හිමියන්ට අප ස්තුතිවන්ත වන අතර අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් කෙරෙන ඇගයීමක් ලෙස මෙම සුවිශේෂී වාරික සැලසුම හඳුන්වා දෙන්නට පුළුවන්’.
 

More News..