Uncategorized

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් ‘නේෂන්ස් ටැක්ස් ප්ලෑනර්’ ගිණුම් නිසි කලට ආදායම් බදු ගෙවීමට නැණවත් විසඳුමක්

වැටුප් ලබන පුද්ගලයන් සඳහා කලක පටන් ක්‍රියාත්මක වූ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය (PAYE Tax) 2020 ජනවාරි මාසයේදී අහෝසි කරන ලද අතර ඒ වෙනුවට කාර්තුවකට වරක් ආදායම් බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව මින් ඉදිරියට, මාස 3 ක් සඳහා අදාළ වන ආදායම් බදු ගණනය කර එකවර ගෙවිය යුතු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ආදායම් බදු ගෙවීම වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට ගනුදෙනුකරුවන්ට උපකාරී වීමේ අරමුණ සහිතව ‘නේෂන්ස් ටැක්ස් ප්ලෑනර්’ (Nations Tax Planner) ඉතුරුම් හා ජංගම ගිණුම් හඳුන්වා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන ඇත.

මෙමගින් ගිණුම් හිමියන්ට නිසි කලට ආදායම් බදු ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල වඩාත් පහසුවෙන් තම ගිණුමෙහි එක්රැස් කරගැනීමට හැකියාව ලැබේ.

ගනුදෙනුකරුවන්ට තම සාමාන්‍ය බැංකු ගිණුම්වලට අමතරව ‘නේෂන්ස් ටැක්ස් ප්ලෑනර්’ ගිණුමක් විවෘත කළ හැකි අතර, තමන්ට අදාළ වන ආදායම් බදු අනුපාතය අනුව, තම වැටුපෙන් කිසියම් මුදලක් සෑම මාසයකදීම ‘නේෂන්ස් ටැක්ස් ප්ලෑනර්’ ගිණුම වෙත බැරවන ලෙස බැංකුවට ස්ථාවර නියෝගයක් ලබාදිය හැක. මේ ආකාරයට, සෑම කාර්තුවක් අවසානයේදීම ආදායම් බදු ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගිණුමෙහි ඉතිරි වන අතර, ගිණුමෙහි එක්රැස් වන මුදලට පොලියක්ද හිමි වේ. එමෙන්ම හදිසි අවස්ථාවකදී බාධාවකින් තොරව මෙම මුදල ලබාගැනීමට හැකිවීම තවත් වාසියකි.