අතන මෙතන

නෙළුවෙන් මියගිය කොටියෙකු සොයා ගනී

නෙළුව හත්පිටිය ප්‍රදේශයේ කජු වත්තක තිබී මියගොස් සිටි කොටියෙකුගේ සිරුර අද (02) දින සොයාගෙන තිබේ.

වනසංරක්ෂණ නිලධාරීන් නිරික්ෂණය චාරිකාවක යෙදී සිටියදී කැලෑවෙන් පැමිණි දුගදක් පිළිබද විපරම් කර බැලිමේදී මෙම කොටියාගේ සිරුර හමු වී ඇත.

අඩි 06 පමණ දිගැති මෙම කොටියා මෙයට දින 5කට පමණ පෙර මියැදෙන්නට ඇතැයි සංරක්ෂණ නිලධාරීන් විශ්වාස කරයි.

එහෙත් කොටියා මද්දකට හසු වූයේ ද යන්න පැහැදිලිව කිව නොහැකි බව ද වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ කොටින් 4 දෙනෙකු මදුවලට හසු වී මිය ගොස් තිබේ.