brand logo
logo

නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට

11 January 2019

නීති විරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලූ පුද්ගලයන් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් ගාල්ල ධීවර පරීක්ෂක නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 3 ක් පමණ ඔබ්බෙන් නීති විරෝධී දැල් භාවිත කර මසුන් මරමින් සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සඳහන් කරයි. සැකකරුවන් සතුව තිබී තහනම් දැල් 4 ක්, ඩිංගි යාත්‍රාවක්, කැනෝයි වර්ගයේ යාත්‍රාවක් සහ තවත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත.
 

More News..