නීති විරෝධිව මත්පැන් පෙරු පුද්ගලයෙකු අත්අඩංගුවට
31 December 2018
නීති විරෝධිව මත්පැන් පෙරු පුද්ගලයෙකු අත්අඩංගුවට
31 December 2018
බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින්ය.
නීති විරෝධි මත්පැන් ජාවාරම පවත්වා ගෙන ගිය පානදුර මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ගෝඩා බැරල් 24ක් සමඟ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමාතයි.