අතන මෙතන

නීති කැඩු දේවගැතිවරයෙක් නිසා දික්ඔය පවුල් 200 ක් නිරෝධායනයට

හැටන් –  දික්ඔය නගර සභාව හා නොර්වුඩ් ප්‍රාදේශය සභා  බල ප්‍රදේශ යන්ට අයත්. දික්ඔය .දරවල පහල කොටස.දරවල ඉහල කොටස යන තේ වතු හා දරවල ගාමිණී ආරියතිලක පුර යන ප්‍රදේශවල පවුල් 200 ට අයත් පුද්ගලයින් සදහා ලබන 9 වන දින දක්වා ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස යොමුකල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසයී.
දික්ඔය දරවල පාරේ ක්‍රිස්තියානි දේවස්ථානයක දේවගැතිතුමා වෙත ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබියදී ඔහු එම නිරෝධායන නිති උල්ලංඝනය කරමින් ඉකුත් 26 වන දා එම දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වා ප්‍රදේශයේ පවුල් 200 ට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබේ.එම අවස්ථාව ට සහබාගි වු පිරිස මෙම නිරෝධායනය සදහා ඉලක්ක
ගත පිරිස වුහ.
බාලසේකර නැමති මෙම දේවගැතිවරයාගේ ඉන්දියාවේ සිට පැමිණි  පුජක වරයෙකුගේද ප්‍රධානත්වයෙන් මාර්තු 11 සිට 15 දක්වා දික්ඔය – දරවල පාරේ පිහිට දේවස්ථානයේ දී දේව මෙහෙයන් පවත්වා ඇති අතර 16 වනදා මොවුන් යාපනය ප්‍රදේශයේ පැවති ආගමික උත්සව සදහා සහභාගි වීමට එහි ගොස් ඇත.17 වනදා ඉන්දියාවේ සිට පැමිණි දේවගැතිවරයා ඉන්දියාව බලා පිටත්ව යාමෙන් පසු මෙම දේවගැතිවරයාද එදිනම මෙහි පැමිණ තිබේ.
පසුව ඒ තොරතුරු තහවුරු වීමෙන් පසු ඔහුට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂක වරු විසින් යොමු කර තිබියදී 26 වනදා ඉහත දේව මෙහෙය පවත්වා තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසුවේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු පිරිසගේ උපදෙස් පිරිදි ඉහත පියවර 31 පස්වරුවේ ක්‍රියාවට නැංවු බවත් එම ප්‍රදේශ සදහා බාහිර සිට කිසිවකු ඇතුල් නොකර ගන්නා ලෙසද උපදෙස් දුන් බවත් නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නගර සභාව විසින් සැපයීමට කටයුතු කරන බවත්ය.
මෙම ප්‍රදේශවලට මේ දිනවලදී කොළඹ හා වෙනත් ප්‍රදේශවල රැකියාවල නිරිතව සිටි පුද්ගලයිද පැමිණ සිටින අතර ඔවුන් ඇදීරි නිතිය කඩ කරමින් යම් යම් තැන්වල ඇවිදීම හා නගරයේ සැරිසැරීම සිදු කරති.එමෙන්න ඉහත කී ප්‍රදේශ සදහා පිවිසීමට අතුරු මාර්ග රැසක් තිබෙන අතර නිසි ලෙසම ඔවුන් ස්වයං නිරෝධායන කටයුතු වල නිරත නොවුන හොත් හැටන් ප්‍රදේශයටම දැඩි තර්ජනයකට මුහුණපෑමට සිදුවනු ඇත.
හැටන් – චන්දන ජයවීර.