brand logo
logo

නීතිය මටත් එක හා සමානව ක්රියාත්මක වෙනවා - අගමැති

23 December 2019

පාඨලීට, රාජිතට, රනිල් වික්රමසිංහට පමණක් නොවේ තමාට ද නීතිය ක්රියාත්මක වන්නේ එක හා සමානව බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (22 වැනිදා) වාද්දුවේදී ප්රකාශ කළේය. වාද්දුවේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මෙසේද කීය. කාවහරි පොලිසියට අරගෙන ගියොත් මේ දවස්වල අහුවෙන්නේ අපිව. අරගෙන ගියේ කුමන වරදකටද කියලා කවුරුත් හොයන්නේ නෑ. නමුත් අපේ අය අරගෙන යාම දේශපාලන හේතුවක්. නීතිපතිවරයා කියනවා මේ අය අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියලා. මේ දේශපාලන නඩුයි, පෞද්ගලිකව කෙනෙක්ට පාරේ හප්පලා මරණ එක හෝ තුවාල කරන එක, නැත්නම් පිහියෙන් ඇනලා මරණ එක හෝ ඒක දේශපාලන ගැටලුවක් නොවේ. මට ගැහුවොත් කවදාහරි ඒක දේශපාලන හේතුවක් නොවේ. පසුගිය ආණ්ඩුව මැති ඇමැතිවරුන් රැකගන්න යම් යම් දේවල් කළා. අද නීතිය අකුරටම ක්රියාත්මක වෙනවා. නීතිය සාධාරණව, අකුරටම ක්රියාත්මක වීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒක මහින්ද රාජපක්ෂද වෙනත් කෙනෙකුද කියන එක නෙවෙයි ප්රශ්නය. නීතිය ක්රියාත්මක වීම අනිවාර්යෙන් සිදුකරනවා. චම්පිකට වෙන්න පුළුවන්. රාජිතට වෙන්න පුළුවන්. රනිල් වික්රමසිංහට වෙන්න පුළුවන්. නැත්නම් රාජපක්ෂට වෙන්න පුළුවන් නීති එකහා සමානව ක්රියාත්මක ජය යුතුයි.
 

More News..