අතන මෙතන

නිවාස 10 ක භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පොල්ගහවෙල පොලිස් වසම තුළ නිවැසියන් නොමැති අවස්ථාවල ගෙවල් බිඳ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු (07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි .

පසුගිය මාස හතරක පමණ කලක තුළ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ නිවාස 10 ක් දහවල් කාලයේ නිවැසියන් නැති අවස්ථාවන් වල මෙම සැකකරු විසින් නිවාස වල දොරවල් හා ජනෙල් (ග්‍රිල් )
කඩා ඇතුළු වී රත්රන් හා භාණ්ඩ සොරකම් කර ඇති බවත් සැකකාර පුද්ගලයා ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ රත්රන් ආභරණ වරකාපොල,කෑගල්ල,පොල්ගහවෙල ප්‍රදේශවල රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර තිබියදී සොයාගෙන ඇත .

සැකකරු පොල්ගහවෙල ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී ජංගම දුරකථන දත්ත ඔස්සේ කළ විමර්ශන වල දි ගොකරැල්ල කිරිවවුල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු වයස අවුරුදු (35 ) ක පොල්ගහවෙල පදිංචි අයෙකු බව පොලීසිය පැවසීය.

සැකකරු පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා වෙත (08)දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

 

ඒ.එම්.ඩි අධිකාරී