brand logo

නිවසේ ගින්නෙන් නිදා සිටි දැරිය පිළිස්සී මියයයි

01 December 2021

ගමක් හැඬවූ වැලිගම ඛේදවාචකය

මාතර, වැලිගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් 07 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. නිවසේ කාමරයක් තුළ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් වහළ පිළිස්සී ගොස් නිවස තුළට කඩා වැටීමෙන් කාමරයේ නිදා සිටි එම දැරිය ගිනන්ට හසුව පිළිස්සී මියගොස් ඇති බව පොලිසිය පවසයි. රාත්‍රී 10.40 ට පමණ ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ මව, පියා ,දියණියන් දෙදෙනකු හා මිත්තණිය ද නිවසේ සිට ඇති අතර පිරිස නින්දට ගොස් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර අසල්වාසීන් එක්ව නිවැසියන් පිටතට ගැනීමට කටයුතු කළ ද 7 හැවිරිදි දැරිය පිටතට ගැනීමට හැකියාවක් ලැබී නොමැත. සිද්ධිය සැලවූ වහාම වැලිගම පොලීසිය මාතර ගිනිනිවීම් රථ කැඳවා ගින්න මැඩ පවත්වා කටයුතු කළ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය. එම නිවසේ තිබු ගෑස් සිලින්ඩරයට, ගෑස් උඳුනට හෝ වෙනත් උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති බවත් ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ගින්න ගෑස් ආශ්‍රිත සිදුවීමක් හේතුවෙන් හට ගෙන නොමැති බවට නිරීක්ෂණය වු බව ද පොලීසිය සඳහන් කරයි.
 

More News..