නිවසට පැමිණි අයෙක් මිදුලේම මියගිහින්
17 November 2020
නිවසට පැමිණි අයෙක් මිදුලේම මියගිහින්
17 November 2020
කහවත්ත කෙටේතැන්න සදසිළුගම ප්‍රදේශයේ නෑදෑ නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙක් මිදුලේ වැටී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන යාමට කෙනෙක් නොමැති වීම නිසා පැය 8ක කාලයක් නිවස ඉදිරිපිටම තබා තිබුන බව වාර්තා වනවා.
මියගිය තැනැත්තා 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නිවස බෑවුම් සහිත ස්ථානයක පිහිටා තිබීම නිසා කිසිඳු වාහනයකට නිවාස වෙත ළඟාවීම අසීරු බවද පැවසෙනවා. එසේම සිරුර රැගෙන ඒමට නොහැකි වුයේ වහනයක් භාවිත කළ නොහැකි නිසා සහ ආරක්ෂිත ඇදුම් ඇති සෞඛ්‍ය සේවකයින් නොසිටි බව පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.
මියගිය පුද්ගලයා පැමිණ ඇත්තේ අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති පැලියගොඩ සිට ඔහුගේ සොහයුරියගේ කහවත්ත කෙටේතැන්න සදසිළුගම නිවෙසටයි. මොහු ඊයේ (16) දහවල් පැමිණ තිබෙන බව පැවසේ එසේම එදින පස්වරු 3.30ට පමණ මියගිය එම පුද්ගලයාගේ සිරුර නිවෙසින් රැගෙන යනවිට මැදියම් රාත්‍රී 12 .20 පමණ වූ බව පැවසේ.
කොවිඩ් අවධානම් කලාපයක සිට පැමිණී පුද්ගලයෙක් බැවින් සැක සහිතව මියගිය එම පුද්ගලයාගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා අද අලුයම රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරනවා.