News

නිල ඡන්ද පත්‍රිකා නොවැ. 16 දින ද ප්‍රදේශයේ තැපැල් කාර්යාලය මඟින් ලබාගත හැකියි – තැපැල්පති

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වනදා සවස 5.00 දක්වාම පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වන දා ආරම්භ කළ අතර මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් නොවැම්බර් 03 වන ඉරිදා දින ද ක්‍රියාත්මක විය.

මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.