brand logo

නිල ඇඳුමින් ගිහින් යකා නටයි

12 February 2021

යුද හමුදා නිලධාරියෙකු සහ වෙළෙදසැළක සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය. ඒ මහතා සදහන් කළේ දෙපාර්ශ්වයම අතර යම් යම් සිදුවීම් සිදුව ඇති අතර, මූලික පරීක්ෂණ වලින් මේ වන විට සොයාගෙන ඇති බවයි. එහි පූර්ණ සිදුවීම ඇතුළත් පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වා ඊට සම්බන්ධ අය පිළිබදව ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි. https://youtu.be/xRFDdTqHyk4  
 

More News..