brand logo

නිර්මාණ කලාවත් තාක්ෂණයත් යා කරන කේන්ද්‍රයක්

15 December 2019

මෑතකදී විවෘත කරන ලද Colombo Innovation Tower (CIT) ශ්‍රී ලංකාවේ සැලසුම් නිර්මාණ කලාවත් තාක්ෂණයත් යා කරන කේන්ද්‍රයකි. එය විවිධ ක්ෂේත්‍රවලට අයත් සමාගම්, ජාත්‍යන්තර තලයේ විශේෂඥයන් මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් යනාදී සියලුම දෙනා එකමුතු කරන ස්ථානයකි. ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සැලසුම් නිර්මාණ සමාගම වන Academy of Design (AOD) හි පුරෝගාමීත්වය සමගින් ඉදිරියේදී CIT මෙරට නව්‍යකරණයේ කේන්ද්‍රය බවට පත්වනු නිසැක ය. නිර්මාණශීලීත්වය යන මූලික ගුණාංගය ව්‍යපාරකරණය හා තාක්ෂණය සමග මැනවින් බද්ධ කළ විට සැබෑම නවෝත්පාදන බිහි කළ හැකි බව CIT හි මූලික දැක්ම වේ. දැනුම බෙදාහදාගැනීම, ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව අතර සහයෝගීත්වය ගොඩනැංවීම, සක්‍රීය ලෙස දියුණුව වෙනුවෙන් කැපවීම, සහ නව්‍යකරණය සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීම යනාදිය ඔස්සේ මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කළ හැක. 2000 වර්ෂයේදී ආරම්භ වූ Academy of Design සැලසුම් නිර්මාණකරණය සම්බන්ධ විශේෂඥභාවය මූලික කරගත් ආයතනයකි. තරුණ නිර්මාණශීලීන්ගේ දැනුම හා පලපුරුද්ද වර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් ලබාදීම එහි මූලික ඉලක්කය වේ. “නව්‍යකරණය යනු කිසියම් විශේෂ වූ අභියෝගයක්, ඊට අදාළ පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමිවන ආකාරයට ජයගැනීම සඳහා වන අදහස් ක්‍රියාවට නැංවීමක් ලෙස හැඳින්විය හැකියි. එය හුදෙක් පරිකල්පනයෙන් ඔබ්බට යන දෙයක්. නව්‍යකරණය යනු සෑම විටම අලුත් හෝ වැඩිදියුණු කරන ලද ක්‍රියාවලියක්, සේවාවක් හෝ නිෂ්පාදනයක් වන අතරම, එය කාලීන හා අර්ථවත් දෙයක් වීමත් අතිශයින් වැදගත් වනවා. හුදු නිර්මාණ සහ සැබැවින්ම අර්ථවත් නවෝත්පාදනයන් අතර වෙනස වටහාගත හැක්කේ එමගින් සත්‍ය වශයෙන් ලැබෙන ප්‍රතිඵල අනුව පමණයි.” AOD සහ CIT හි නිර්මාතෘ හා සභාපතිනිය වන ලින්ඩා ස්පෙල්ඩ්වින්ඩ් මහත්මිය පැවසුවා ය.
 

More News..