brand logo
logo

නිකවැරටිය දැරියට පහරදීමේ සිද්ධිය ගැන පැමිණිලි භාරනොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි

06 January 2020

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි භාරනොගත් නිකවැරටිය සහ කොටවෙ‌හෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරින් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. වයස අවුරුදු 13ක් වූ බාලවයස්කාර දැරියකට ඇගේ සුුළු මව සහ මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක විසින් පහරදීමේ සිදුවීම ගැන දැරියගේ මිත්තිණිය විසින් අදාළ පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබේ. එම අවස්ථාවේ ඇගේ පැමිණිලි භාර නොගැනීම හේතුවෙන් රාජකාරිය පැහැර හැරීම මත නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා විසින් මෙලෙස අදාළ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත. https://youtu.be/4ZbqrWJpons?t=26
 

More News..