අතන මෙතන

නිකවැරටියේ දැරියට අමානුෂික ලෙස පහරදුන් තිදෙනා අධිකරණයට

නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලීසිය පැවසුවේ කොටවෙහෙර පොලීසිය මගින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

දැරියට ගැබිණි සුලු මව සහ ඇගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනිය පොලු වලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, මීට පෙරද පියා සහ සුලුමව අවස්ථා ගණනාවකදී මෙලෙස දැරියට පහර දී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.