brand logoaward badge

නැගෙනහිර සහ උතුරු මැද නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

04 December 2019

නැගෙනහිර සහ උතුරු මැද පළාත සදහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ ය.
 

More News..