News

නාවික හා ගුවන්මෙන් යුද හමුදාවේත් දක්ෂයන්ට උසස්වීම්

මින් ඉදිරියේදී දක්ෂතා පදනම මත යුද හමුදාවේ උසස්වීම් ලබා දීමටත්, ඊට අදාළව ජ්‍යෙෂ්ඨත්වය සැලකීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා උපදෙස් දී ඇත.

1993 ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල හමුදාවල මෙන්ම මෙරට නාවික හා ගුවන් හමුදාවල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වුවත්, යුද හමුදාවට පමණක් හිටපු හමුදාපතිවරුන් ක්‍රියාත්මක කර තිබුණේ යුද හමුදාවට බැඳුණු දිනය අනුව ජ්‍යෙෂ්ඨතාව බලන ක්‍රමවේදයකි.

මෙම තත්ත්වය නිසා යුද හමුදාවේ දක්ෂතාව මත නියමිත කාලයට පෙර උසස්වීම් ලද නිලධාරින්ට ජ්‍යෙෂ්ඨතාව සැලකීම නිසා අසාධාරණයක් සිදුවිය. නාවික හා ගුවන් හමුදාවේ මීළඟ තනතුරට උසස්වන ආකාරයට මිස හමුදාවට බැඳුණු දිනය ජ්‍යෙෂ්ඨතාවට සලකා බැලුවේ නැත.

යුද හමුදා ඉතිහාසය පුරා සිදු වූ මෙම ක්‍රමවේදය නිසා කනිෂ්ඨ නිලධාරින් ලෙස දක්ෂතා පෙන්වූවන්ට පෙර තමන් බැඳුණු දිනය ජ්‍යෙෂ්ඨත්වය සැලකූ නිසාවෙන් වෙනත් නිලධාරින් උසස්වීම් ලබා ඉහළ තනතුරු හොබවන ආකාරය මෙම වසර දක්වාම දකින්නට ලැබුණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා