brand logo

නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක්

16 May 2022

තරුණයෝ අනාගතයට රටක් ඉල්ලති

තාරුණයට රටක් ඉතුරු කරන ලෙසට බල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන් පිරිසක් (16) දින පස්වරුවේ නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නාවලපිටිය නගරයට එක් රැස් වු නාවලපිටිය ප්‍රදේශයේ තරුණ තරුණියන් විශාල පිරිසක් කළු ඇදුමින් සැරසි නගරයේ පාගමනක් සිදු කර උද්ඝෝෂණයක නිරත විය. මෙහිදි අදහස් දැක් වු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ උද්ඝෝෂණය සංවිධානය කල තරුණයන් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් තරුණ තරුණියන් එකට එක් වි කටයුතු කරන බවත්, එම පිරිසගේ ජවය සහ එකමුතුකම පෙන්විම පිණිස මෙසේ නාවලපිටිය නගර මධ්‍යට එක්රැස් වි තාරුණයේ අනාගතයට රටක් ඉතුරු කරන ලෙසට මෙම උද්ඝෝෂණයක සිදු කල බවයි. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..