අතන මෙතන

නාවලපිටිය නගරය ජලයෙන් යට වෙයි

මධ්‍යම කදුකරයට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණි.