brand logo
logo

නාමල් කුමාර යළි රිමාන්ඩ්

26 December 2019

දූෂණ විරෝධි බලකාය නමැති සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නමැත්තා අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර පසුගිය 18 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සති 03 කට පසු හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ ගැටුමකට නාමල් කුමාර සම්බන්ධ වූ බවට සැකපිට පසුගිය මැයි 14 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනුණේ වරකාපොලදීය.
 

More News..