brand logo
logo

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 03

30 November 2018

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 2019 වසරේ අප්‍රේල් 3 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (30) නියෝග කළා. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී දැනුම් දුන්නා. ඒ අනුව, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා අද (30) අධිකරණය හමුවේ පෙනී සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදු කළ ගනුදෙනුවකදී අයුතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙන්නේ.
 

More News..