අතන මෙතන

නානුඔය ලොරි අනතුරකින් ‌දෙදෙනෙකුට බරපතල තුවාල

තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථයක් පෙරළීයාමෙන් අද (13) සිදු වු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

නුවරඑළියේ සිට තලවකැලේ දක්වා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබු අතර ලොරි රථයේ රියදුරා සහ රිය සහායකවරයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

රදැල්ල කෙටි මාර්ගයේ අධික බෑවුම් සහිත ස්ථානයකදී ලොරි රථය පාරෙන් ඉවතට පැන පස් කන්දක වැදී පෙරෙළී ගොස් තිබු අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රවාහනය කරමින් පැවැති සහල් කිලෝ 7000 ක පමණ ප්‍රමාණයෙන් විශාල තොගයෙන් විනාශයට පත්ව තිබේ.

ප්‍රදේශවාසීන් හා නානුඔය පොලීසියේ නිලධාරීන් එක්ව අනතුරට පත් ලොරි රථයේ ඇතුළත සිරව සිටි රියදුරා සහ රිය සහයකවරයා මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන රෝහල් ගත කිරීමට පියවර ලන්නා ලදි.

මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

චන්දන ජයවීර