brand logo

නාගරික ත්‍රස්තවාදය අඩපණ කරන ක්‍රම තුනක්

27 April 2019

නාගරික ත්‍රස්තවාදය අඩපණ කිරීමට නම් එම කණ්ඩායමක ඇති ප්‍රධාන සාධක තුනෙක් එකක් අඩපණ කළ යුතු බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර පවසයි. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය නගර ආශ්‍රිතව සිදුකරනු ලබන ප්‍රහාර මගින් රටේ සෙසු ප්‍රදේශවලට බලපෑම් එල්ල කිරීම නිසා ප්‍රහාරයට පෙර ඊට අවශ්‍ය කාර්යක්ෂමභාවය, රහස්‍යභාවය හා ක්‍රියාකාරිත්වය යන සාධක තුන කෙරෙහි ඔවුන් අවධානය යොමු කරන බවද හෙතෙම පවසයි. ඉන් ක්‍රියාකාරිත්වය සහ ත්‍රස්තවාදීන්ගේ බලය නැතිකිරීම, ඉලක්කය දුර්වල කිරීම, ආරක්ෂක විධිවිධාන තරකිරීම හා වෙනස් කිරීම ආදිය සිදු කළ යුතු බව පවසයි. ඒ අනුව සතුරා එන තැන්, සිටින තැන් නිරීක්ෂණය කර එම ස්ථාන නිතරම පරීක්ෂා කරමින් බුද්ධි තොරතුරු ලබාගැනීමත්, සැක කටයුතු ස්ථාන පුද්ගලයන් පරීක්ෂාව, සමූහ කණ්ඩායම් පිළිබඳ විමර්ශනය හා අත්අඩංගුවට ගැනීම නිසා සතුරාගේ ඉලක්ක අඩපණ කිරීමත් ඒ සඳහා ස්ථිර මාර්ග බාධක, ක්ෂණික මාර්ගබාධක මෙන්ම එවැනි ප්‍රහාර සඳහා යොමු වන ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රහාරය වළක්වා ගත හැකි බව වික්‍රමසේකර මහතා සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..